govlk

  

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ආයුර්වේද වෛද්‍ය සභාව

ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචිය නොලබා ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සිදු කරනු ලබන විෂමාචාර පිළිබඳ පැමිණිලි විමර්ශනය

1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 18(ඊ) පරිච්ජේදය මඟින් ආයුර්වේද වෛද්‍යවරයන්ගේ වෘත්තිය හැසිරීම විධිමත් කිරීම හා පාලනය කිරීම සදහා වූ බලය ආයුර්වේද වෛද්‍ය  සභාව වෙත පවරා ඇත.

එසේම ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචිය නොලබා ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහජනතාව නොමඟ යවා කටයුතු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ 69,71 යන වගන්ති අනුව ආයුර්වේද වෛද්‍ය සභාවට  නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.

එසේ ආයුර්වේද වෛද්‍ය සභාවට පවරී ඇති බලතල අනුව කටයුතු කිරීම සඳහා මහජනතාවගෙන් පහත තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

  1. ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටීම හෝ ලියාපදිංචි නොවී සිටිය දී ලාභය තකා ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් එම වෘත්තියේ  යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි
  1. රෝගීන් තමන්වෙත ගෙන්වා ගැනීමේ පරමාර්ථයෙන්, යම් රෝගයක් සුව කරන බවට ප්‍රකාශයක් හෝ එසේ සුව කරන බවට පොරොන්දුවක් ඇතුළත් හෝ එසේ හැඟවෙන බවට ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම්, පෝස්ටර්, අත්පත්‍රිකා ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් වන පැමිණිලි

මෙම කරුණු පිළිබඳව යොමු කරනු ලබන පැමිණිලි ලිඛිතව ආයුර්වේද වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාව ක්‍රියා කරනු නොලැබේ. ඔබගේ පැමිණිල්ලේ රහස්‍යභාවය ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් ආරක්ෂා කරනු ලැබේ.

එම පැමිණිලි, ලේඛකාධිකාරී, ආයුර්වේද වෛද්‍ය සභාව, පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.විද්‍යුත් ලිපිනයයොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ විස්තර www.ayurvedicmedicoun.gov.lk වෙබ් අඩවියෙන් ඔබට ලබාගැනීමට හැකියාව ඇත.

 

කේ.ඩී.සී.එස්.කුමාරතුංග
ආයුර්වේද කොමසාරිස් සහ
ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති

2018නොවැම්බර්05 දින

නාවින්න, ආයුර්වේද වෛද්‍ය සභා කාර්යාලයේ දී.

 

 
 
 
FaLang translation system by Faboba