govlk

ආයුර්වේද වෛද්‍යවරයන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම

අයදුම්පතක් ලබා ගැනීම

උපාධිධාරී වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම (BAMS / BUMS / BSMS)

  • අයදුම්පත් ගාස්තුව රු. 250.00 කි. (තැපෑලෙන් අයැදුම්පත ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 85.00)

ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන් ලියාපදිංචිය (DA / DAM) (ආයුර්වේද / සිද්ධ)

  • අයදුම්පත් ගාස්තුව රු. 250.00 කි. (තැපෑලෙන් අයැදුම්පත ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 85.00)

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය 55(1)(ඉ) - සාමාන්‍ය සර්වාංග / 55(2) - විශේෂ

  • අයදුම්පත් ගාස්තුව රු. 250.00 කි. (තැපෑලෙන් අයැදුම්පත ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 85.00)

සම්පූර්ණ කරන ලද අයදුම්පත භාර දීම

උපාධිධාරී වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම (BAMS / BUMS / BSMS)

  • මුල් උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ජායා පිටපතක්.
  • අදාළ විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරනු ලබන සමත් සහතිකය.
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්.
  • ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සභා 01/05 ආකෘති පත්‍රය.

ඩිප්ලෝමාධාරී වෛද්‍යවරුන් ලියාපදිංචිය (DA / DAM) (ආයුර්වේදු / සිද්ධ)

  • මුල් උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ජායා පිටපතක්.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සමත් සහතිකය.
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්.
  • ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සභා 01/05 ආකෘති පත්‍රය.

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය 55(1)(ඉ) - සාමාන්‍ය සර්වාංග / 55(2) - විශේෂ

  • සෑම අයදුම්කරුවකුම සිය අයදුම්පත්‍රය සමග උප්පැන්න සහතිකය (මුල් පිටපත) එවිය යුතුය.
  • භික්ෂුන් වහන්සේ නමක් නම් සිය උප්පැන්න සහතිකය සමග රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයෙන් නිකුත් කරන ලද උපසම්පදා සහතිකය හෝ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද බෞද්ධ භික්ෂු හැඳුනුම්පත සමග ගිහි නම ඇතුළත් දිවුරුම් සහතිකයක්. (සහතික කරන ලද පිටපතක් එවිය යුතුය)
  • වෛද්‍ය සභා අංක 01/01 - පාරම්පරික ගුරු වෛද්‍ය සහතිකය.
  • වෛද්‍ය සභා අංක 01/02 - පාරම්පරික වෛද්‍ය කර්මයේ යෙදී සිටීම පිළිබඳ නිකුත් කරනු ලබන පළපුරුදු සහතිකය. (සාම විනිසුරු / විහාරාධිපති / රජයේ විදුහල්පති යන අයගෙන් කවර හෝ දෙදෙනෙකු ලවා පමණක් සම්පුර්ණ කර ගත යුතුය)
  • වෛද්‍ය සභා අංක 01/03 - ප්‍රාදේශීය ලේකම් සහතිකය.
  • වෛද්‍ය සභා අංක 01/04 - අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු.
  • ජාතික හැදුනුම්පතේ සහතික කරන ලද ජායා පිටපතක්.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් වෙත හැදුනුම්පත් නිකුත් කිරීම

(අදාළ අයදුම්පත ආයුර්වේද වෛද්‍ය සභා කාර්යාලයෙන් නොමිලයේ ලබා ගත හැකිය.)

පළමුවර නිකුත් කිරීම

  • ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද ජායා පිටපතක්
  • හැදුනුම්පත් ගාස්තුව රු. 1000.00

නිකුත් කර ඇති හැදුනුම්පත අළුත් කිරීම

  • නිකුත් කර ඇති හැදුනුම්පත
  • හැදුනුම්පත් ගාස්තුව රු. 1000.00

නිකුත් කර ඇති හැදුනුම්පත නැති වූ විට

  • හැදුනුම්පත නැති වූ බවට පොලීසියට කරන ලද පැමිනිල්ලේ පිටපත.
  • හැදුනුම්පත් ගාස්තුව රු. 1,500.00

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අතිරේක සුදුසුකම් ඇතුළත් කිරීම

(අදාළ අයදුම්පත ආයුර්වේද වෛද්‍ය සභා කාර්යාලයෙන් නොමිලයේ ලබා ගත හැකිය.)

  • නාමලේඛනයට ඇතුළත් කළ යුතු අතිරේක සුදුසුකම් සහිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්.
  • ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයේ ජායා පිටපතක්.
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්.
  • අතිරේක සුදුසුකම ලබාගත් විෂය ක්ෂේත්‍රය තහවුරුවන සේ අදාළ ආයතනය මගින් නිකුත් කරනු ලබන සහතිකයේ ජායා පිටපතක්.
  • අතිරේක සුදුසුකම් ඇතුළත් කර සාරානුකූල සිංහල සහතික පිටපතක් නිකුත් කිරීමේ ගාස්තුව රු. 3000.00
  • අතිරේක සුදුසුකම් ඇතුළත් කර සාරානුකූල සිංහල සහතික පිටපත හා එහි ඉංග්‍රීසි පරිවර්තන පිටපත යන සහතික පත්‍ර දෙකම නිකුත් කිරීමේ ගාස්තුව රු. 5,500.00
  • තැපෑලෙන් සහතිකය ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 100.00

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතිකයේ පිටපත් නිකුත් කිරීම

නම වෙනස් කර පිටපතක් ලබා දීම

  • සංශෝධිත උප්පැන්න සහතිකය.
  • සංශෝධිත ජාතික හැදුනුම්පතේ සහතික කරන ලද ජායා පිටපත.
  • ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නොමිලයේ නිකුත් කරනු ලබන ආ.වෛ.ස/පොදු/04 ආකෘති පත්‍රය.
  • නම් වෙනස් කිරීමේ ගාස්තුව රු. 2500.00 කි. (තැපෑලෙන් සහතිකය ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 100.00)

සාරානුකූල සිංහල/දෙමළ සහතික පිටපත් නිකුත් කිරීම

  • ලියාපදිංචි සහතිකය නැති වූ බවට පොලීසියට කරන ලද පැමිනිල්ලේ පිටපත.
  • අදාළ ලියාපදිංචි අංකය යටතේ ලියාපදිංචි වෛද්‍යවරයා තමාම බව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන දිවුරුම් ප්‍රකාශය.
  • ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නොමිලයේ නිකුත් කරනු ලබන ආ.වෛ.ස/පොදු/04 ආකෘති පත්‍රය.
  • සාරානුකූල සිංහල/දෙමළ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රු. 750.00 (තැපෑලෙන් සහතික ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 100.00)

ඉංග්‍රීසි සහතික පිටපත් නිකුත් කිරීම

  • ලියාපදිංචි සහතිකයේ ජායාස්ථ පිටපත.
  • ඉංග්‍රීසි සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රු. 2500.00 (තැපෑලෙන් සහතිකය ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 100.00)

ජාත්‍යාන්තර සහතිකය නිකුත් කිරීම

  • ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද ජායා පිටපත.
  • වෛද්‍ය සභාවෙන් නිකුත් කර ඇති හැදුනුම්පතේ සහතික කරන ලද ජායා පිටපත.
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්.
  • ජාත්‍යාන්තර සහතික පිටපත් ගාස්තුව රු. 10,000.00 (තැපෑලෙන් සහතිකය ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තුව රු. 100.00)

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් වෙත වෛද්‍ය සහතික පොත් නිකුත් කිරීම

පැමිණ ලබා ගැනීමේ දී

  • වෛද්‍ය සභාවෙන් නිකුත් කර ඇති හැදුනුම්පත.
  • වෛද්‍ය සහතික පොතක මිල රු. 350.00

තැපැල් මගින් ලබා ගැනීමේ දී

  • අදාළ වෛද්‍යවරයාගේ ඉල්ලීම් ලිපිය.
  • වෛද්‍ය සභාවෙන් නිකුත් කර ඇති හැදුනුම්පතේ ජායා පිටපත.
  • වෛද්‍ය සහතික පොතක මිල රු. 350.00 පොතක් සඳහා තැපැල් ගාස්තුව රු. 100.00 කි.

ආයුර්වේද වෛද්‍යවරයන්ගේ, ආයුර්වේද ඖෂධ සංයෝගකයන්ගේ, ආයුර්වේද සාත්තු සේවකයන්ගේ වෘත්තීය හැසිරීම විධිමත් කිරීම හා පාලනය කිරීම

මූලික විමර්ෂණ සඳහා යොමු කිරීම

  • ලියාපදිංචි වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල පැමිණිල්ලක් ලැබුනු පසු සභාවේ අනුමැතිය පරිදි මූලික විමර්ශනයක් පවත්වනු ලැබේ.

දණ්ඩනීය අවස්ථාව පිළිබඳ කාරක සභාවට යොමු කිරීම

  • මූලික විමර්ශන වාර්තාව අනුව සභාව විසින් තිරණය කරන ලද චූදිතයින් දණ්ඩනීය අවස්ථාව පිළිබඳ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.
FaLang translation system by Faboba